Friday, March 12, 2010

Twilight New Moon (2009)




බෙලා නම් මනුෂ්‍ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්‍රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා.

The Road Home (1999)

මේක හැබැයි බටහිර බයිස්කෝප් එකක් නෙමෙයි.චීන බයිස්කෝප් එකක්….

පිටිසර බද පළාතක තරුණියක් හා පාසලේ ගුරුවරයෙක් අතර ගලායන ආදර අන්දරයක්.

මේකෙදී අපට කතාව කියන්නේ Zhao Di(Zhang Ziyi)ගේ පුතා.ඔහු නගරයේ සිට ගමට පැමිණෙන්නේ තාත්තගේ මරණය සැලවීමෙන්.ගමට ඈතින් ඇති රෝහලේ තියන පියාගේ සිරුර වාහනයකින් ගෙනෙන්න ඔහු කටයුතු කලත් අම්මා එයට එකහෙලා අකමැති වෙනවා.ඇගේ තීරණය වන්නේ චාරිත්‍රාණුකූලව එය පාගමණින් රැගෙන එන්න.අන්තිමේදී පුතා ඇතුලු ගමේ පිරිසට සිදුවෙනවා එයට එකඟ වෙන්න.ඉතිං ඒ සඳහා සූදානම් වෙන අතරේ තමයි අපට අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව පුතා අපට කියන්නේ….

මෙන්න මෙතනින් බාගන්න!

Sunday, February 7, 2010

Awake (2007)


චිත්‍රපටියෙ එන කතා නයකය ඇමරියකාවෙ දැනට සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් හෙනෙක්. නමුත් අවාසනාවට ඔහුට හදවතේ ආබාධයක් තියෙනව. මේ අතරතුර ඔහුගේ නිවසේ මෙහෙකරිය (Jessica Alba) සමඟ මොහු ආදර සම්බන්දයක් පටන් ගන්නව. එයට මොහුගෙ මවගෙන් දැඩි අකමැත්තක් එල්ල වෙනව.එය ඉතාමත්ම රසවත් කොටසක්. නමුත් මොහුගේ හදවත් සැත්කමත් සමඟම කතාව වෙනස්ම මගකට ගමන් කරනව.

Awake ච්ත්‍රපටය තමාගෙ මව ගැන අලුතින් යමක් හිතන්න යමක් ඉතුරු කරන චිත්‍රපටයක්. එමෙන්ම මෙයට රංගනයෙන් ඉතා දක්ශ සහ ජනප්‍රිය නලු නිලි පිරිසක් සම්බන්ද වෙල තියෙනව.

මෙතනින් බාගන්න!